10.බුදු අම්මියෝ……බීලා හමාරයි…..

Published පෙබරවාරි 26, 2012 by shahendk

මොනා කොහොම සිදද උනත්…..ගෙදර ගියාම හැම දේම අමතකයි……..බස් එකේ ටින් ටින් වෙලා ගෙදර ගියාම….අමර සැලකිල්ලක් අප්පා………බඩ පිස්සා උනාම ඉතින් හුරතලේ තමා හැමතිස්සෙම…
මල්ලා ඔයා ආවද?
ඉන්න මම තමයි අද ඔයාට තේ හදලා දෙන්නේ….

බුදු අම්මියෝ……බීලා හමාරයි…..

ආහ් එහෙමද? එහෙනම් ඉන්නවකෝ…..

අනේ නැ මගේ සුදු අක්කි…මම විහිලුවක් නේ කලේ ඉතින්..

හා හා කමක් නැ…වොෂ් එකක් දාගෙන එන්නකෝ….

කෝ අම්මා…..

අම්මා එහා ගෙදර දර්ශි ආන්ටිත් එක්ක පන්සල් ගිහින් එන්න ගියා……දැන් එයි….

එහෙමද? ඔකේ…ඔකේ…

වොෂ් එකක් දාගෙන මම සාලෙට යනකොට සුදු අක්කි තේ හදලා…….

ආහ් මේ දරුවටත් යමක් කමක් කරන්න පුලුවන් වගේ ආහ්…

අපි එහෙමයි දත් මදින්නේ…(අක්කිත් මගෙන් පුරුදු වෙලාද මන්දා)

හා හා මැද ගන්නකෝ

මල්ලා ඒක නෙවෙයි දැන් කොහොමද ඔයාගේ ස්ටඩීස්…..

අව්ලක් නැ අක්කි….

ගුඩ් එහෙම තමයි ඉන්න ඕනි….

ඔබ තුමියගේ අද්යාපන කටයුතු කෙසේද?

එමමයි ස්වාමීනි……

ප්‍රීති ප්‍රීති…..

මල්ලා මොකක්ද ඔයාගේ ප්ලැන් එක..ආෆ්ට ඒ ලෙවෙල්? ඔයා යුනි යන්න කැමතිත් නැ නේ…

අක්කි ප්‍රයිවට් ඉන්ස්ටියුට් එකක් ඩිග්‍රී එකක් කරන්න හිතන් ඉන්නේ…මාත් කැන්ඩි එන්න ආසයි අක්කි….ඔයා දන්නවනේ මම ඒ පරිසරයට කොච්චර කැමතිද කියලා….ජීවිතේ වෙනසක් තියෙන්නත් ඕනි නේ…..

ලෙට් සී මල්ලා…එතකොට මටත් පාලු නැ….මම අම්මිත් එක්කත් කතා කරන්නම් ඒ ගැන…..ඔයා ස්ටඩ්ස් හොදට කරන්නකො හරිද?

පොඩ්ඩක් අහන්නකෝ…..

Published පෙබරවාරි 26, 2012 by shahendk

මට හිතෙන විදිහට ලියන කෙනෙක්ට ලැබෙන ලොකුම සතුට තමයි…කියවන අයගෙන් ලැබෙන හොද හෝ නරක ප්‍රතිචාර…..ඉතින් අද්යාපන කටයුතුත් මැද මගේ යාලුවන්ගේ සතුට වෙනුවෙන් මම හා හා පුරා කියල ලියන මේ කතාවට ප්‍රතිචාරයක් දක්වලා යයි කියලත් මම බලාපොරොත්තු වෙනවා…ඒ වගෙම ඔයාලගේ ෆේස් බුකියටම හිතුවක්කාරි ගෙන්න ගන්න…ෆේස් බුක් ලයික් එකකුත් දාලා යන්න කියලා ඉල්ලීමක් කරනවා…ඉතින් යන එන යාලූ හැමෝටම හිස නමා අචාර කරනවා…බොහොම ස්තූතියි…

9.එයා මට ඇහෙන් කිව්වා අනිත් පැත්තේ අයිනේ වාඩි වෙන්න කියලා

Published පෙබරවාරි 26, 2012 by shahendk

ක්ලාස් එකට යනකොට කොල්ලො සෙට් එක ඉන්නවා ඉස්සරහ පැනි හිනාව දාගෙන…….ආහ් මස්සිනා…

ඇයි කාගෙද බොල මස්සිනා…

කාගේ කාගේ හරි ඉතින්…කොල්ලට හරි ගියා කියන්නේ අපිට හරි ගියා වගේ තමා….

පැනියා මවල ගුලියක් අත ඇර්‍රිය….(බොක්ක උනත් පොර ඔය වගේ දේවල් වලදි ඔහොම තමයි..)

පිස්සු උබලට…..

ඉතින් කොහොම හරි සුපුරුදු පරිදි පිටිපස්සේ අයිනක් බුවා අල්ලන් හිටියා……..

මම පිටිපස්සට යනකොට කියාර ඉස්සරහ මැද හරියක අයිනේ වාඩි වෙලා හිටියා…එයා මට ඇහෙන් කිව්වා අනිත් පැත්තේ අයිනේ වාඩි වෙන්න කියලා……..

ඒත් මොන හේතුවකටද කියල මම දන්නේ නැ….මම පුරුදු තැනටම ගියා….

අශි…….ක්ලාස් ඉවර වෙලා යනකොට මට පිටිපස්සෙන් සද්දයක් ඇහුනා…..

හ්ම්ම් කියාර ඉතින් කොහොමද?

ඇයි මාව මග ඇරලා යන්න හදන්නේ අශි…..ඇයි ඔයා ක්ලාස් එකේදි මගේ එහා පැත්තේ වාඩි උනේ නැත්තේ….

අනේ එහෙම දෙයක් නැ සුදු…මම පුරුදු තැනට නේ ගියේ…..

කමක් නැ…ඒක එහෙම කියමුකෝ……..ඉතින් සර් කියන්නකෝ කවදද මට එකව්න්ට්ස් උගන්නනේ කියලා….

ඔයා කැමති වෙලාවක කියන්න……

හ්ම්ම්ම් සැටර්ඩේ මෝර්නින්ග් ලයිබ්‍රි එකට එන්න….මම ඉන්නම් කියාර කිව්වා…….

අද ඔයා ගොඩක් හැන්ඩ්සම්….

ආහ් ඇත්තද?? තැන්ක්ස්… මම වැඩිය ගානක් නැතුව කිව්වා……

කොහොමින් කොහොම හරි මට වැඩි වෙලාවක් කියාරත් එක්ක ගත කරන්න හිත දුන්නේම නැ…දැන් ගොඩක් කෙල්ලෝ එකම සාම්පල් එකේ…ඉස්සර කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් එනවා දැන් එකේ අනිත් පැත්ත….මට නම් ඒක හිතන කොටත් පිලිකුල්…ඒ මගේ හැටි…….

මන් මුලා වී …….
පාර සොයා යන…….

බස් එකේ සින්දුව මහා හයියෙන් දාලා තිබ්බා…

 

 

8 කොටස – ….කාටවත් කියන්නේ නැතුව කෙල්ලෙක් වෙලා ඔහොම එනවද? බෙහෙතකට කියල හරි ඉන්නෙත් එච්චරයි…

Published පෙබරවාරි 22, 2012 by shahendk

කියාරා කතා කරල ෆෝන් එක තිබ්බා ඒත් එයා දන්නේ නැතුව ඇති කතා කරන පුද්ගලයා එයාට කොච්චර හිතින් ලන් වෙලාද කියලා…අයාලේ යන තැන තැන වල බහින අකීකරු හිතත් එක්ක කරන්න දෙයක් නැතිම තැන මම ගිහින් නිදා ගත්තා…….

———————————————————————————————————————

තවත් සුන්දර දවසක්…අනේ මන්ද මට නම් මොනා වෙලාද කියලා….වෙනදට මම මෙහෙම කියනව තියා හිතන්නෙත් නැ…මම සාමාන්යෙන් දවස පටන් ගන්නේ අපෝ….පලයන්කෝ ක්ලාස් කියාගෙන……ටි ටි…ජන්ගමයා කැ ගහනවා ඒ අස්සේ…….එස්ම්ස් එකක්…කියාරගෙන් ගුඩ් මෝර්නින්ග් ලමයෝ……….ආහ් මේ මොකද මේ….මෙයාට මොනද මේ වෙලා තියෙන්නේ….මෙයා මටත් වඩා ඉක්මන් වගේ පෙන්නේ…..ගුඩ් මෝර්නින්ග් කියාරා…මාත් කෙටුවා…….මට මේ වෙලාවට බයත් හිතෙනවා….මොකද මෙච්චර ඉක්මනට පටන් ගන්න ආදර කතා ඉක්මනට ඉවර වෙන්න ඉඩ තියෙන නිසා……තව මැසේජ් එකක්….මේ අද මම ඔන්න බී එස් ක්ලාස් එකට එනවා…..මරු නේ…සී යු දෙන් මාත් කෙටුවා….මගේ හිත ආයෙමත් අයාලේ යනවා……….මම හිතන තරම් අවන්ක කෙල්ලෙක්ද කියාරා…
……………………………………………………………………………………………………………………………..
මල්ලා මොකද මේ ඇදට වෙලා තාම නැගිට්ට ගමන්….මම පුදුම වෙලා බැලුවා…සුදු අක්කි…ඔව් ඔව් මූන හෝදල කන්න…

කොයි වෙලාවෙද ආවේ…….
සප්‍රයිස් මල්ලා….
අනේ කියන්නකෝ…ඇයි කිව්වෙවත් නැත්තේ…
නිවාඩුවක් හම්බුනා කලම්බු එන තව යාලුවෝ දෙන්නෙක් එක්ක ආවා රැ බස් එකේ..
ඔයා කරන වැඩ නම් අක්කි……
හරි හරි ඔයා දැන් ගිහ්ල්ලා මූන හෝදගෙන කන්නකෝ…..

මට කියන්න අමතක උනානේ … ඒ මගෙ සුදු අක්කි..අක්කි පේරාදෙනියේ මෙඩිකල් ෆැකල්ටි එකේ…මේ යන්නේ සෙකන්ඩ් ඉයර් එක…එයා ඉතින් කලොත් ඔහොම වැඩක් තමා….කාටවත් කියන්නේ නැතුව කෙල්ලෙක් වෙලා ඔහොම එනවද? බෙහෙතකට කියල හරි ඉන්නෙත් එච්චරයි…..ඊලගට ලොකූ ඕක නම් ලොකුම තමයි….මෑන් වැඩ කරන්නේ බැන්ක් එකක…පොර හිතන් ඉන්නේ පොර තරම් එකෙක් නැ කියලා..මොනා උනත් පොර මට ආදරෙයි…..අපේ සහෝදරකම් ගිය ආත්මවල ඉදන් ආපු එකක්ද කියලා මට හිතෙනවා වෙලවකට…

………………………………………………………………………………………………………………………………..

කාලා ක්ලාස් යනකොටම කෝල් එකක්…….

ඒ පාරත් කියාරගෙන්……..හෙලෝ…
හෙලෝ ක්ලාස් එන්නේ නැත්ද ලමයෝ….
ආහ් මම මේ එන ගමන්…..
එහෙනම් ඉක්මනට එන්න …. මම බලාගෙන ඉන්නවා….
ඕකේ.සී යූ..

දැන් දැන් මට කියාර ගැන් තිබ්බ හැගීම පලුදු වෙලා යනව කියල මට හිතෙනවා…මොකද කොල්ලෙක් පස්සෙන් එලිලි එල්ලි එන කෙල්ලෝ ගැන මගේ පැහැදීමක් නැ කවදාවත්…එහෙම උනානම් මම යාලු වෙච්ච කෙල්ලො ගාන මටවත් මතක නැති වෙයි……මට එහෙම කෙල්ලො ඇත්තටම අප්‍රසන්නයි…….අනේ මන්ද..මගේ හිතේ අමුතුම හැගිමක්….සමහරව්ට පිටින් බලන කෙනෙක්ට හිතෙයි මූ නම් මාර මෝඩයෙක් තමයි කියලා…එහෙම හිතන අයට මම කියන්නේ සල්ලාලයෝ කියලා…කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩුවත් ආදරේ කියන්නේ පුහු දෙයකුත් නෙවෙයි කියලයි මම හිතන්නේ……

7 කොටස- කියාරා ඔෆ් ලයින් ගිය එකයි මට තිබ්බ අව්ල .. මොකද? මම නම්බර් එක දුන්න ගමන්මනේ…ගියේ

Published පෙබරවාරි 19, 2012 by shahendk

නොහිතපු වෙලාවක් ජීවිතේ ට ආපු මේ කෙල්ල  ගැන මට ඇත්තටම හිතා ගන්න අමාරුයි….දකින දකින කෙල්ල පස්සේ යන කැත පොරක් නෙවෙයි මම…ඒක හින්දම වෙන්න ඇති මම ෆේස් බුක් එකෙන් ලොග් අවුට් වෙලා ඔහේ එහේ මෙහේ යන මගේ හිත සන්සුන් කරගෙන පොතක් බලන්න කියලා ලැස්ති උනා…ඇත්තම කියනවනම් පොත පාඩම් කරපු එකට වඩා මම කරලා තියෙන්නේ පොත පෙරලපු එක මගේ හිතේ…..ඔරලෝසු බට්ටා කැරකෙනවා….මගේ හිතත් හරිම නොසන්සුන්…මම හිතන්නේ.. කියාර ඔෆ් ලයින් ගිය එකයි මට තිබ්බ අව්ල .. මොකද? මම නම්බර් එක දුන්න ගමන්මනේ…ගියේ…දෙයියනේ..මම හදිස්සි වැඩි උනාද මන්ද?කමක් නැ ඕනි එකක්   වෙච්ච දෙන් කියලා මම ආයෙත් පොත පෙරලන්න ගත්තා…..

ඔන්න ඒ අස්සේ ජන්ගමයා..කැ ගහනවා..අම්මපා මේක ත් එක්කත් බැ….අද්යාපනය පිරිහෙන්නේ මේ තාක්ශනේ හින්ද තමයි කියල මට හිතෙන්නේ ඔය වෙලාවට තමයි..ඒ පාර තව මගුලක් දන්නේ නැති නම්බර් එකක්..
එකත් එකටම මගේ ට්‍රයි එක තමයි…අනේ මන්ද ඒකි කතා කරයි ද?
හෙලෝ..

හෙලෝ අශි…

කියාරා කියන්න ඉතින්..මම නම් හිතුවේ නැ ඔයා මට කතා කරයි කියලා…..
ඒ මොකද ඒ…

නැ ඉතින් කෙල්ලෙක් එහෙමත් අදුරන්නේ නැති කොල්ලෙක්ට කතා කරයිද?

ඒත් මම ඔයා ගැන හිතන් ඉන්නේ අනිත් කොල්ලො ගැන හිතන විදිහට නෙවෙයි………මම ඔයාට කියල තියෙනවනේ මම මීට කලින් ඔයාට තරම් කාටවත් ලන් වෙලා නැ කියලා..

අනේ සුදු මම ඒක හිතල කිව්වේ නැ එච්චර…සොරි පැටියෝ…මම අයේ එහෙම කියන්නේ නැ…ඉතින් ඇයි ඔයා මාව ගොඩක් විශ්වාස කරන්නේ කියන්න්කෝ…

අනේ මම දන්නේ නැ අශි..සමහර බැදිම් සන්සාරේන්ම එන ඒවලු…..අපි වෙන ආත්මේකත් හොද යාලුවො වෙලා ඉන්න ඇති නේද?

ඇත්තටම…මගේ ජීවිතේ මම කෙල්ලෙක් එක්ක වැඩිපුරම කතා කරල ඇත්නම් ඒ ඔයත් එක්ක වෙන්න ඇති……..කෙල්ලෝ හින්ද අපේ කොල්ලෝ ජීවිතේ නාස්ති කරගන්න හැටි දැක්කම මම යාලුවෝ විදිහටවත් කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩි කැමැත්තක් නෑ…..

ඒ කියන්නේ ඔයා මම ගැන හිතන්නේත් අනිත් ගර්ල්ස් ලා ගැන හිතන විදිහටමද ?

කවදාවත් නැ……ඔයා ඒ ඔක්කොටම වඩා වෙනස්…ඒකනේ මම ඔයත් එක්ක ඉන්නේ…

අනේ තැන්ක්ස් අශි…..මට හිතෙනවා…මම ඇවිත් තියෙන්නේ හරිම පන්තියට කියලා…

ආහ් එහෙමද?

ඊලග දවසෙ ක්ලාස් එන්නකෝ….සර් ගේ හැටි බලන්න….

ඇයි අනේ…සර් එච්චර නපුරුද?

අපෝ මේ සර් කවදාවත් ඔයාට නපුරු වෙන එකක් නැ…

හ්ම් හ්ම්….එහෙනම් සර් අපි නිදා ගන්නද?

නිදා ගන්න දැන්ම….පිස්සු ද? පාඩම් කරන්න…

ඕකේ සර්…මම පාඩම් කරන්නම්කෝ…….

එහෙනම් මම තියන්නද?

හ හ පරිස්සමෙන් තියන්න

මොනාද ?

ෆොන් එක…….

අනේ ඔයානම්…..

ඕකේ බායි ටේක් කෙයාර්…

6 කොටස – ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්ද??? හිතන්නත් බැ……

Published දෙසැම්බර් 2, 2011 by shahendk

අපෝ අපේ අය්යලාස් ටික මේ පැත්තට කඩා ගෙන එනවා…..

අහ් මස්සිනා…….දැන් හරි ගිහිල්ලා එහෙනම් ආ……..

කවුද බන් කැල්ල…..ෆ්ට්ට නේ…

පට්ටද කියලත් අහනවා….පට්ට පට පට…..

කියහන්කො….උබලා මොනාද ඔච්චර කතා කර කර හිටියෙ බන්…..උබ කලින් ඒකිව දන්නද???

නැ මචන් මාත් අද දැක්කේ ඔයි මුලින්ම…….

ට්රයි එකක් දාලා බලපන්…..අපේ එකාට හරි ගියා කියන්නේ ඉතින් අපිට හරි ගියා වගේ තමයි ආහ්……

පැනියා….ලයින් පාරක් දැම්මා………මම ඉතින් පැනියාගෙ හැටි දන්නවනේ……ඌ කෙල්ලෙක් දැක්කොත් ලේසියෙන් අරින්නේ නැ…

සෙට් එක වල බැහැගෙන එනකම්ම කතාව කියාරා ගැන……කොල්ලට ඉතින් පොඩි ආඩම්බරයක් වගෙත් අවා ඉතින්….අපේ එකෙක්ටවත් ඔච්චර කෙල්ලොන්ට ලයින් කරල කෙල්ලෙක් දැක්කම කතා කර ගන්න බැහැනේ…….ඒත් කොල්ලට කැල්ලක් ඉදලත් නැ….ඒත් ටොක් එක දුන්නනේ…………1න් ම

ඔන්න ඉතින් කොල්ලා ගෙදර ආවාලු..වොශ් එකක් දාලා…ෆේස් බුක් එක පැත්තෙ ගියා…..බලමු …. රික්වෙස්ට් එකක්……කවුද මේ….කියාරා…….අනේ මගෙ සුදු…මම හිතුවේ නැ….කිව්වට ඔයාට මාව මතක් වෙයිද කියලවත්…..ඇක්සෙප්ට් කරමුකො…..මේකි ඔන්ල්යින් කියන්නකෝ…

හායි අශි…..

හායි කියාරා…..

කීයටද ලමයා ගෙදර ආවේ…

ම්ම්ම්….4 ට විතර ….නේ..

ඒ මොකද එච්චර වෙලා…ක්ලාස් ඉවර උනේ…1 ට නේ…

ක්ලාස් නම් ඉවර උනේ 1 ට තමයි…… එත් දන්නේ නැත්ද???

ඔහ් ගර්ල් ෆ්රෙන්ඩ් බලන්න ගියාද???

නැ නැ එහෙම එකක් නැ හලෝ….සෙට් එකත් එක්ක එම් සී එක පැත්තේ රව්මක් දාන්න ගියා…

ඔහ් ඇත්තටම ඔයාට ගර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්ද??? හිතන්නත් බැ……

ඒ මොකද??

නැ ඉතින්…..ඔයා හරි ස්වීට් නේ…අනිත් එක ගොඩක් හොන්දයි….

ඔයාට එහෙම හිතෙනවද??

ඔව් ඇයි???

නැ…මට ගර්ල් කෙනෙක් කවදාවත් එහෙම කියලා නැ…ඒකයි…

ආ හා…. කමක් නැ…දැන් එහෙම කියන්න කෙනෙක් ඉන්නවනේ…

හ්ම්……හ්ම්….

ඒක නෙවෙයි…ඔයාට බෝයි කෙනෙක් නැත්ද??

නැ….කවදාවත් ඉදලත් නැ…

ඒකනම් විශ්වාස කරන්න හරිම අමාරුයි

ම්ම්ම් ඒ මොකද ඒ…

ඔයා ඒන්ජල් කෙනෙක් වගේ නෙහ්….අනිවාර්යෙන් බොයි කෙනෙක් ඉන්න ඔනි….මට හිතෙන විදිහට….

නැ අශි……ඇත්තටම…නැ…..මම ඔයාට බොරු කියන්නේ නැ… කොහොමත්…

ඇයි ඒ???

අනේ මන්දා…..ඔයා මට ගොඩක් ක්ලෝස් උනා අද…එක දවසට…..මම කසින් කෙන්ක් එක්කවත් ඔයා එක්ක තරම් කතා කරලා නැ….මට ඔයා දැක්ක වෙලාවෙමයි මට හිතුනේ…ඔයා ගොඩක් හොන්දයි කියලා…

ඔච්චර හොන්ද කියන්න එපා….මම නරක් වෙයි…..

කමක් නැ..මම ඒ නරක ලමයව හදා ගන්නම්කෝ…..

හරි මැඩම් හරි…..

ඉතින් ඉතින්……ඔය ලමයා ඩිනර් ගත්තද???

ඔව්…..එතකොට ඔය ලමයා…..

මම තාම නැ….

ඇයි කන්නේ නැද්ද???

මම රැට කන්නේ නැ වැඩිය…..

ඒ මොකද??? ෆිගර් එක අවුට් යයි කියලද??

අනේ නැ……එහෙම එකක් නැ….

ඔයාට තේරෙන්නේ නැති ගනන් තියෙනවද???

එකක් නෙවෙයි ගොඩක්….

තේරෙන්නේ නැති ඔනි දෙයක් තියෙනවනම් ඔනි වෙලාවක් අහන්න….

ඔ කේ….. ඒත් ඔයාගේ මොබයිල් නම්බර් එක මම ලග නැ නේ….

ඔ කේ…. මට රින්ග් කරන්න…. මම නම්බර් එක එවන්නම්..

**********

තැන්ක්ස් අශි….ප්ලීස් මගෙ නම්බර් එක නම් කාටවත් දෙන්න එපා….

ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද???

විශ්වාසයි ලමයෝ….ගැනු ලමයෙක් විශ්වාස නැති කෙනෙක්ට නම්බර් එක දෙනවද???

අනිවා….

අනිවා…..ඔන්න ඉතින් රස්තියාදු වචන….ඔයාව හදාගන්න බැරි ඔය යාලුවෝ හින්ද තමයි….

අම්මියෝ… එක දවසයි අශ්රය කරේ….මෙයා අම්මි වෙලනේ…

එහෙම තමයි…..මම…..හොන්දට හැදුනොත් කාටද ආඩම්බර….

මාර සීන් කෝර්න් එක නේ….

ඔය ඉතින් ඔයා….ඉන්නවා මම අල්ලගන්නම් අනිත් දවසේ…..අම්මි කතා කරනවා…මම යන්නද අශි…

අනේ…ඔයා යනවද??

ඇයි ඔයාට පාලුද??

හ්ම් ගොඩක්….

මම රැට කතා කරන්නම්කෝ….

ඕ කේ…. බායි ටෙක් කෙයාර්…

5 කොටස – අප්පේ අද තමයි යහන්ගත වෙන්නෙ නැතුව පාඩම අහගෙන හිටියේ…නැත්නම් කෙල්ල ත් නැ සල්ලිත් නැ සනීපත් නැ…

Published නොවැම්බර් 30, 2011 by shahendk

ඔයා ෆේස් බුක් ඉන්නවද??

හ්ම් ඉන්නවා…..

මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්….

ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො…

අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම….
අය්යෝ වැඩේ නැගල යනකොටම සර් කාරයා පැනපි සීන් කොර්න් එකට…..ටොක් කරල හමාරයි…..කොහොමත් අදට ඇති….අප්පේ අද තමයි යහන්ගත වෙන්නෙ නැතුව පාඩම අහගෙන හිටියේ…නැත්නම් කෙල්ල ත් නැ සල්ලිත් නැ සනීපත් නැ…….ක්ලාස් ඉවරායි………මම කැමතිම ඒ වචනෙට..ඒත් මොකද දන්නේ නැ අද නම් යන්න හිතෙන්නේ නැ..අප්පා…අදුශ්යමාන හස්තයකින් අදිනවා වගේ ඔන්න…..

සී යූ අශි……

බායි කියාරා…ටේක් කෙයාර්…….

සියල්ලන් සතුටින් විසිර ගියහ….අමුතුම හැගීමක්….මම කවදාවත් කෙල්ලෙක් එක්ක ඔච්චර කතා කරපු එකෙක් නෙවෙයි…..මට මොනා වෙලාද මම දන්නේ නැ….ක්ලාස් කට් කරන්න එපා කොල්ලෝ කියලා හිත කැ ගහනවා…..