කියාරා කතා කරල ෆෝන් එක තිබ්බා ඒත් එයා දන්නේ නැතුව ඇති කතා කරන පුද්ගලයා එයාට කොච්චර හිතින් ලන් වෙලාද කියලා…අයාලේ යන තැන තැන වල බහින අකීකරු හිතත් එක්ක කරන්න දෙයක් නැතිම තැන මම ගිහින් නිදා ගත්තා…….
———————————————————————————————————————
තවත් සුන්දර දවසක්…අනේ මන්ද මට නම් මොනා වෙලාද කියලා….වෙනදට මම මෙහෙම කියනව තියා හිතන්නෙත් නැ…මම සාමාන්යෙන් දවස පටන් ගන්නේ අපෝ….පලයන්කෝ ක්ලාස් කියාගෙන……ටි ටි…ජන්ගමයා කැ ගහනවා ඒ අස්සේ…….එස්ම්ස් එකක්…කියාරගෙන් ගුඩ් මෝර්නින්ග් ලමයෝ……….ආහ් මේ මොකද මේ….මෙයාට මොනද මේ වෙලා තියෙන්නේ….මෙයා මටත් වඩා ඉක්මන් වගේ පෙන්නේ…..ගුඩ් මෝර්නින්ග් කියාරා…මාත් කෙටුවා…….මට මේ වෙලාවට බයත් හිතෙනවා….මොකද මෙච්චර ඉක්මනට පටන් ගන්න ආදර කතා ඉක්මනට ඉවර වෙන්න ඉඩ තියෙන නිසා……තව මැසේජ් එකක්….මේ අද මම ඔන්න බී එස් ක්ලාස් එකට එනවා…..මරු නේ…සී යු දෙන් මාත් කෙටුවා….මගේ හිත ආයෙමත් අයාලේ යනවා……….මම හිතන තරම් අවන්ක කෙල්ලෙක්ද කියාරා…
……………………………………………………………………………………………………………………………..
මල්ලා මොකද මේ ඇදට වෙලා තාම නැගිට්ට ගමන්….මම පුදුම වෙලා බැලුවා…සුදු අක්කි…ඔව් ඔව් මූන හෝදල කන්න…
කොයි වෙලාවෙද ආවේ…….
සප්‍රයිස් මල්ලා….
අනේ කියන්නකෝ…ඇයි කිව්වෙවත් නැත්තේ…
නිවාඩුවක් හම්බුනා කලම්බු එන තව යාලුවෝ දෙන්නෙක් එක්ක ආවා රැ බස් එකේ..
ඔයා කරන වැඩ නම් අක්කි……
හරි හරි ඔයා දැන් ගිහ්ල්ලා මූන හෝදගෙන කන්නකෝ…..
මට කියන්න අමතක උනානේ … ඒ මගෙ සුදු අක්කි..අක්කි පේරාදෙනියේ මෙඩිකල් ෆැකල්ටි එකේ…මේ යන්නේ සෙකන්ඩ් ඉයර් එක…එයා ඉතින් කලොත් ඔහොම වැඩක් තමා….කාටවත් කියන්නේ නැතුව කෙල්ලෙක් වෙලා ඔහොම එනවද? බෙහෙතකට කියල හරි ඉන්නෙත් එච්චරයි…..ඊලගට ලොකූ ඕක නම් ලොකුම තමයි….මෑන් වැඩ කරන්නේ බැන්ක් එකක…පොර හිතන් ඉන්නේ පොර තරම් එකෙක් නැ කියලා..මොනා උනත් පොර මට ආදරෙයි…..අපේ සහෝදරකම් ගිය ආත්මවල ඉදන් ආපු එකක්ද කියලා මට හිතෙනවා වෙලවකට…
………………………………………………………………………………………………………………………………..
කාලා ක්ලාස් යනකොටම කෝල් එකක්…….
ඒ පාරත් කියාරගෙන්……..හෙලෝ…
හෙලෝ ක්ලාස් එන්නේ නැත්ද ලමයෝ….
ආහ් මම මේ එන ගමන්…..
එහෙනම් ඉක්මනට එන්න …. මම බලාගෙන ඉන්නවා….
ඕකේ.සී යූ..
දැන් දැන් මට කියාර ගැන් තිබ්බ හැගීම පලුදු වෙලා යනව කියල මට හිතෙනවා…මොකද කොල්ලෙක් පස්සෙන් එලිලි එල්ලි එන කෙල්ලෝ ගැන මගේ පැහැදීමක් නැ කවදාවත්…එහෙම උනානම් මම යාලු වෙච්ච කෙල්ලො ගාන මටවත් මතක නැති වෙයි……මට එහෙම කෙල්ලො ඇත්තටම අප්‍රසන්නයි…….අනේ මන්ද..මගේ හිතේ අමුතුම හැගිමක්….සමහරව්ට පිටින් බලන කෙනෙක්ට හිතෙයි මූ නම් මාර මෝඩයෙක් තමයි කියලා…එහෙම හිතන අයට මම කියන්නේ සල්ලාලයෝ කියලා…කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩුවත් ආදරේ කියන්නේ පුහු දෙයකුත් නෙවෙයි කියලයි මම හිතන්නේ……
කතාව වෙන පැත්තකට යනවා වගේ දැනෙනවා…,හොද උත්සහයක්..ඔබට ජය
හ්ම්ම් හ්ම්ම් මස්සිනා මලයට තෙරෙන දේවල්……බලමුකෝ මොනද වෙන්නේ කියල නේද? ස්තුතියි