නොහිතපු වෙලාවක් ජීවිතේ ට ආපු මේ කෙල්ල ගැන මට ඇත්තටම හිතා ගන්න අමාරුයි….දකින දකින කෙල්ල පස්සේ යන කැත පොරක් නෙවෙයි මම…ඒක හින්දම වෙන්න ඇති මම ෆේස් බුක් එකෙන් ලොග් අවුට් වෙලා ඔහේ එහේ මෙහේ යන මගේ හිත සන්සුන් කරගෙන පොතක් බලන්න කියලා ලැස්ති උනා…ඇත්තම කියනවනම් පොත පාඩම් කරපු එකට වඩා මම කරලා තියෙන්නේ පොත පෙරලපු එක මගේ හිතේ…..ඔරලෝසු බට්ටා කැරකෙනවා….මගේ හිතත් හරිම නොසන්සුන්…මම හිතන්නේ.. කියාර ඔෆ් ලයින් ගිය එකයි මට තිබ්බ අව්ල .. මොකද? මම නම්බර් එක දුන්න ගමන්මනේ…ගියේ…දෙයියනේ..මම හදිස්සි වැඩි උනාද මන්ද?කමක් නැ ඕනි එකක් වෙච්ච දෙන් කියලා මම ආයෙත් පොත පෙරලන්න ගත්තා…..
ඔන්න ඒ අස්සේ ජන්ගමයා..කැ ගහනවා..අම්මපා මේක ත් එක්කත් බැ….අද්යාපනය පිරිහෙන්නේ මේ තාක්ශනේ හින්ද තමයි කියල මට හිතෙන්නේ ඔය වෙලාවට තමයි..ඒ පාර තව මගුලක් දන්නේ නැති නම්බර් එකක්..
එකත් එකටම මගේ ට්‍රයි එක තමයි…අනේ මන්ද ඒකි කතා කරයි ද?
හෙලෝ..
හෙලෝ අශි…
කියාරා කියන්න ඉතින්..මම නම් හිතුවේ නැ ඔයා මට කතා කරයි කියලා…..
ඒ මොකද ඒ…
නැ ඉතින් කෙල්ලෙක් එහෙමත් අදුරන්නේ නැති කොල්ලෙක්ට කතා කරයිද?
ඒත් මම ඔයා ගැන හිතන් ඉන්නේ අනිත් කොල්ලො ගැන හිතන විදිහට නෙවෙයි………මම ඔයාට කියල තියෙනවනේ මම මීට කලින් ඔයාට තරම් කාටවත් ලන් වෙලා නැ කියලා..
අනේ සුදු මම ඒක හිතල කිව්වේ නැ එච්චර…සොරි පැටියෝ…මම අයේ එහෙම කියන්නේ නැ…ඉතින් ඇයි ඔයා මාව ගොඩක් විශ්වාස කරන්නේ කියන්න්කෝ…
අනේ මම දන්නේ නැ අශි..සමහර බැදිම් සන්සාරේන්ම එන ඒවලු…..අපි වෙන ආත්මේකත් හොද යාලුවො වෙලා ඉන්න ඇති නේද?
ඇත්තටම…මගේ ජීවිතේ මම කෙල්ලෙක් එක්ක වැඩිපුරම කතා කරල ඇත්නම් ඒ ඔයත් එක්ක වෙන්න ඇති……..කෙල්ලෝ හින්ද අපේ කොල්ලෝ ජීවිතේ නාස්ති කරගන්න හැටි දැක්කම මම යාලුවෝ විදිහටවත් කෙල්ලෝ ආශ්‍රය කරන්න වැඩි කැමැත්තක් නෑ…..
ඒ කියන්නේ ඔයා මම ගැන හිතන්නේත් අනිත් ගර්ල්ස් ලා ගැන හිතන විදිහටමද ?
කවදාවත් නැ……ඔයා ඒ ඔක්කොටම වඩා වෙනස්…ඒකනේ මම ඔයත් එක්ක ඉන්නේ…
අනේ තැන්ක්ස් අශි…..මට හිතෙනවා…මම ඇවිත් තියෙන්නේ හරිම පන්තියට කියලා…
ආහ් එහෙමද?
ඊලග දවසෙ ක්ලාස් එන්නකෝ….සර් ගේ හැටි බලන්න….
ඇයි අනේ…සර් එච්චර නපුරුද?
අපෝ මේ සර් කවදාවත් ඔයාට නපුරු වෙන එකක් නැ…
හ්ම් හ්ම්….එහෙනම් සර් අපි නිදා ගන්නද?
නිදා ගන්න දැන්ම….පිස්සු ද? පාඩම් කරන්න…
ඕකේ සර්…මම පාඩම් කරන්නම්කෝ…….
එහෙනම් මම තියන්නද?
හ හ පරිස්සමෙන් තියන්න
මොනාද ?
ෆොන් එක…….
අනේ ඔයානම්…..
ඕකේ බායි ටේක් කෙයාර්…

මරු.ඔයාටත් හිතෙන දෙවල් ම්………….
එල එල තැන්කු කිව්වා…ඔන්න
ෆට්ටයි බන් ෆට්ටයි.
ස්තුතිය් සහෝ
ඊලග කොටස දානකන් බලාසිට්….,කවදද දාන්නෙ ඈ….,